May 05, 2024

ඉරාකයට සතර දෙසින් ආයුධ

ඉරාකයේ කුර්දි ආරක්ෂක අංශ වෙත ඉදිරියේදී අවි ආයුද සපයන බව ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා හොලන්දේ පවසයි.

මෙම ආයුද සැපයීම වෙනුවෙන් බැග්ඩෑඩයේ අවසරය ප්‍රංශය විසින් ලබාගත් බවද ප්‍රංශය පවසයි.

ISIS ඉස්ලාමීය අන්තවාදීන්ගේ ආක්‍රමණය හමුවේ අසරණ වී සිටින දහස් ගණන්යාසිදි ජනයා බේරාගැනීම වෙනුවෙන් කුර්දිස්ථාන ආරක්ෂක අංශ මෙම අන්තවාදීන් සමගදරුණු සටනක නිරත වෙමින් සිටියි.

මේ අතර, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරුන්ද පවසා ඇත්තේ මෙම යාසිදි ජනතාව බේරාගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර සැලැස්මක් අවශ්‍ය බවයි.

මේ අතර, ඇමෙරිකාවද කුර්දි හමුදා වෙත ආයුද සපයන බවට තොරතුරු වාර්තා වනඅතරඔවුන් තවත් යුද විශේෂඥයන් 130 දෙනෙකු ඉරාකය වෙත පිටත්කර හැර තිබේ.

Rate this item
(0 votes)