May 07, 2024

සින්ජාර් කඳු ප්‍රදේශයේ කොටු වී සිටි අනාථයන් පලා යයි

ඉස්ලාමීය රාජ්‍යය ජිහාඩ් ප්‍රහාරකයන්ට කොටු වී කඳුකර ප්‍රදේශයක අවතැන් වී සිටි විසි දහසක් පමණ වැසියන් ඉරාක කුර්දිස්තානයේ ඇති ආරක්ෂක ස්ථාන කරා පලා ගොස් ඇති බව ඉරාකයේ සිටින කුර්දි බලධාරියෝ පවසති.උතුරු ඉරාකයේ සින්ජාර් කඳු ප්‍රදේශයේ කොටු වී සිටි අනාථයන්ට පලා යාමේදී කුර්දි හමුදාවල සහය ලැබුණු බවයි බලධාරීන් පවසන්නේ.

දැඩි උෂ්ණත්වය සමග අඩු ජලය සහ ආහාර ප්‍රමාණයක් ඇතිව අනාථ භාවයට පත් වූ තවත් දහස් ගණනක් වූ පිරිස් කඳුකරයේ ප්‍රදේශයේ අවතැන් වී සිටියි.ඔවුන්ගෙන් වැඩි දෙනෙක් යශීඩි අනාථයන්.

ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ගුවන් යානා අනාථ වූ පිරිස් රැඳී සිටින ප්‍රදේශ වලට ගොස් සහනාධාර බිම හෙලා තිබේ.

 

 

Rate this item
(0 votes)