May 07, 2024

වසර 13කට පසු පූලන් දේවී යළිත් කතාබහට

38 හැවිරිදි පූලාන් දේවිය 2001 වසරේදී දිල්ලි නුවර පිහිටි ඇයගේ නිවසඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ෂෙර් සිං රානා නමැත්තා එවකටඅත්අඩංගුවට පත්විය.

2004 පෙබරවාරි මාසයේදී දිල්ලි නුවර අධි ආරක්ෂිත සිරමැදිරියකින් පළා ගියමොහු, 2006 වසරේදී නැවත අත්අඩංගුවට පත්විය. ඒ අනුව, ඔහුට එරෙහිව තීන්දුවප්‍රකාශයට පත්කිරීම ලබන සඳුදා සිදුවනු ඇති අතර, සෙසු සැකකරුවන් 10 දෙනානිදහස් කර ඇත.

ඒ අනුව පූලාන් දේවී හෙවත් වඩාත් ප්‍රකට 'චෞර රැජින'ගේ ඝාතකයන්ට වසර 13කට පසු චෝදනා ගොනුවී ඇති බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.

ඉන්දියාවේ වඩාත් ප්‍රකට දේශපාලන චරිතයක් බවට පත්වූ පූලාන් දේවිය, 'චෞරරැජින' යන නමින් ප්‍රකට වූයේ දේශපාලනයට ප්‍රවිශ්ඨ වීමට පෙර ඇය වසර ගණනාවකසිට අපරාධවලට සම්බන්ධව සිටි බැවිනි.

1996 වසරේදී 'බැන්ඩිට් ක්වීන්' නමින් ඇයගේ ජීවිත කතාව අලලා චිත්‍රපටයක්ද නිර්මාණය විය.

Rate this item
(1 Vote)