May 07, 2024

යුද්ධයට යනවාට නාගසාකි විරෝධය

හමුදාවට වඩාත් නිදහස් ලෙස ක්‍රියා කිරීම සඳහා අනුමැතිය දීමට ජපන් රජය ගත් තීරණයට එරෙහිව නැගෙන ජනතා අකමැත්ත සැලකිල්ලට ගන්නා ලෙසට නාගසාකි හි නගරාධිපතිවරයා ජපන් රජයට බල කර සිටී.

1945 දී අමෙරිකාව විසින් නාගසාකි නගරයට පරමාණු බෝම්බය හෙළීමේ සංවත්සරය වෙනුවෙන් පැවති උත්සවයට රැස්වූ පිරිස ඇමතූ නගරාධිපති තොමිහිසා තඋඑ රජයේ මෙම ක්‍රියාව විවේචනයට ලක් කළේ මෙය ජපාන පැසිෆික් ව්‍යවස්ථාව දුර දිග නොබලා ප්‍රති අර්ථ නිරූපනය කිරීමක් ලෙසට පෙන්වාදෙමින් බව බීබීසි ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

ප්‍රහාරයකදී මිත්‍ර හමුදාවන්ට සහය දීමට රජයේ හමුදාවන්ට හැකිවනු ඇති බව අගමැති ශින්සෝ අබේ පසුගිය මස ප්‍රකාශ කළේය.

නගරාධිපති තොමිහිසා පැවසුවේ අගමැතිවරයාගේ මෙම ප්‍රකාශය දෙවන ලෝක යුද්ධයෙන් පසු තම රට රැකගෙන ආ යුධ වලට මැදිහත් නොවී සිටීමේ ප්‍රතිපත්තිය නොසලකා හැරීමක් බවයි.

Rate this item
(0 votes)