May 07, 2024

සුන්නි ජිහාඩ් ප්‍රහාරකයන්ට ඔබාමාගෙන් රතු එළියක් 

සුන්නි ජිහාඩ් ප්‍රහාරකයන්ට ඉරාකය හෝ සිරියාව තුල ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමට ඉඩ නොතබන බව අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා අවධාරණය කළේය.

අවශ්‍ය වුනොත් සුන්නි ජිහාඩ් ප්‍රහාරකයන්ට එරෙහිව තවත් ගුවන් ප්‍රහාර එල්ල කරන බව ජනාධිපති ඔබාමා සඳහන් කර ඇත.

ජන සංහාරයක් වළක්වා ලීමේ බැඳීමක් මෙන් ම ඉස්ලාමීය රාජ්‍යයක් සඳහා පෙරට එමින් සිටින සුන්නි ජිහාඩ් ප්‍රහාරකයන් නතර කිරීමේ මූලෝපායී උවමනාවක් එක්සත් ජනපදයට ඇති බව අමෙරිකානු ජනාධිපතිවරා ‘නිව් යෝර්ක් ටයිම්ස්’පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

සතිපතා පවත්වන සිය ගුවන් විදුලි කතාවේ දී අදහස් දැක් වූ ජනාධිපතිවරයා, කාන්තාවන් දාස භාවයට පත් කරන ජිහාඩ් ප්‍රහාරකයන් ‘යෂිඩි’(Yazidi) සුළු ආගමිකයන් ක්‍රමානුකූලව විනාශ කර දැමීමේ සැලැස්මක සිටින බවත් පෙන්වා දී ඇත.

උතුරු ඉරාකයේ ප්‍රත්‍යන්ත කඳුවැටි වල කොටු වී සිටින ‘යෂිඩි’(Yazidi) අනාථයන් වටලා සිටින ප්‍රහාරකයන් ඉලක්ක කොට ගුවන් ප්‍රහාර එල්ල කිරීම මගින් එම වැටලීම් පරාජය කල හැකි බවත් ජනාධිපති බරක් ඔබාමා කියා සිටියි.

බීබීසි

Rate this item
(0 votes)