May 06, 2024

ඉබෝලා වෛරසය හේතුවෙන් ජාත්‍යන්තරයේ හදිසි තත්ත්වයක්

බටහිර අප්‍රිකානු රටවල පැතිර යමින් පවතින ඉබෝලා වෛරසය හේතුවෙන් ජාත්‍යන්තරය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. 

ඉබෝලා වෛරසය පැතිරයාම වැළැක්වීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවත්වන ලද විශේෂ රැස්විමකදී මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්.පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ගිනියාවෙන් පැතිරයාම ආරම්භ වු ඉබෝලා වෛරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 970ක් මියගොස් ඇත.

පසුගිය 04 වනදා වන විට ඉබෝලා වෛරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 1711ක්වූ අතර මෙම වෛරසය පැතිර යාම සීඝ්‍රයෙන්ම සිදු වු කාල සිමාව මෙය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 09 August 2014 20:41