May 06, 2024

එඩ්වර්ඩ් ස්නෝඩන්ට නේවාසික වීසා

රුසියාවවිසින් ඇමෙරිකානු හිටපු රහස් ඔත්තු විශ්ලේෂක එඩ්වර්ඩ් ස්නෝඩන්ට ( Edward Snowden) වසර තුනක නේවාසික වීසා බලපත්‍රයක් ලබා දී ඇතැයි ඔහු වෙනුවෙන් පෙනීසිටින නීතිඥයෙක් ප්‍රකාශ කරයි.

හිටපු රහස් ඔත්තු විශ්ලේෂක එඩ්වර්ඩ් ස්නෝඩන් ඇමරිකා එක්සත් ජනපදයට අත් අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින පුද්ගලයෙක්.

ඇමරිකා එක්සත් ජනපදය ඔහුගේ ගමන් බල පත්‍රය අවලංගුකිරීමත් සමග රුසියාව විසින් එඩ්වර්ඩ් ස්නෝඩන් හට එරට තාවකාලික දේශපාලනරැකවරණ ලබා දී තිබිණ.

ඇමරිකානු ආරක්ෂක ආයතනයේ රහස්‍ය ලිය කියවිලි, පුවත්පත් ගණනාවකට, රහසිගතව ලබා දීමේ වරදට ඔහුට විරුද්ධව නඩු පැවරීමට ඇමරිකානුඑක්සත් ජනපදයට අවශ්‍යව තිබේ.

ඇමරිකානු රහස් ඔත්තු සේවා අංශ මගින් සාමාන්‍ය වැසියන් පිළිබඳව ඔත්තු බලන බවට එම ලිපිවලින් හෙළිදරව් කොට තිබිණ.

 

 

Rate this item
(0 votes)