May 07, 2024

රුසියාවෙනුත් ඇමරිකාවට සම්බාදක

රුසියාව විසින් තම රටට එරෙහිව සම්බාධක පැනවූ යුරෝපාසංගමය, ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර රටවල් කිහිපයකින් අහාර ද්‍රව්‍ය ආනයනයසම්පූර්ණයෙන්ම තහනම් කොට තිබේ.

යුක්රේන අර්බුදය මුල් කරගනිමින් රුසියාවට එරෙහිව සම්බාධක පනවන ලදී.

රුසියානු අගමැති දිමිත්‍රි මෙද්වේදෙෆ් (Dmitry Medvedev) රජයේ රැස්වීමක් අමතමින් කියා සිටියේ යුරෝපා සංගමයෙන්, ඕස්ටේලියාවෙන්, කැනඩාවෙන් සහ නොර්වේ යන රටවලින් මස් නිෂ්පාදන, මාළු, පලතුරු, එළවළු සහ කිරි අහාර ද්‍රව්‍ය ගෙන්වීමට තවදුරටත් ඉඩ නොදෙන බවයි.

රුසියාව පනවනු ලබන සම්බාධක පුරා වසරක් ක්‍රියාත්මක වන බවත් ඔහු ප්‍රකාශ කළේය.ආසියාව බලා යන සහ එම රටවල සිට ආපසු එන බටහිර ගුවන්සේවා වලට අයත් ගුවන් යානා වලට රුසියාවට ඉහළින් පියාසර කිරීම තහනම් කිරීමකෙරෙහි සලකා බලමින් සිටින බවත් රුසියානු අගමැතිවරයා ප්‍රකාශ කළේය.

 

බටහිර රටවලින් ආනයනය කරන ආහාර ද්‍රව්‍ය මත රුසියාව විශාල වශයෙන් යැපෙන බව වාර්තාකරුවෝ පවසති.

Rate this item
(0 votes)