May 07, 2024

‘රෝසෙටා’ ධූම කේතුවට ළඟයි

යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානය මගින් කක්‍ෂගත කරන ලදරෝසෙටායානය (Rosetta ) අවුරුදු දහයක ලුහු බැඳීමකින් අනතුරුව 67 P ධූමකේතුවට සමීප වීමට සමත් වූ බව නිවේදනය කෙරිණ.

එවැනි මුණ ගැසීමක් සඳහා සමත් වූ පළමු මිනිස් නිමැවුම රෝසෙටායානයයි.

සාර්ථක මෙහෙයුමක් මගින් යානය 67 P ධූම කේතුවට සමාන්තරව ගමන් ගන්නා බවයි වාර්තා කෙරුණේ.ජර්මනියේ , යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිල්වේන් ලොඩියට් අපි දැන් ධූම කේතුව අබියසයියනුවෙන් කියා සිටියේය.

මෙයින් පෙරත් මෙවැනි උත්සාහ ගෙන ඇතත් එම අවස්ථාවල සිදු වුනේ අභ්‍යවකාශ යානා ධූම කේතු පසු කරමින් අධි වේගයකින් ගමන් ගැනීමයි. 

රෝසෙටාධූම කේතුව කිලෝමීටර් හතරක විෂ්කම්භය සහිත ආකාශ වස්තුවකි.

නියමුවන් රහිත ‘රෝසෙටා’ යානය අඩු තරමින් වසරක කාලයක් අභ්‍යවකාශයේ සැරිසරන අතර එම ධූම කේතුව පෘථිවියේ ජීවයට තීරණාත්මක සාධක වන ජලය සහ කාබන් සපයන ලද්දේද යන්න ගවේෂණය එහි අරමුණයි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 07 August 2014 11:11