May 06, 2024

ගාසා තීරයෙන් ඊශ්‍රායල හමුදා ඉවතට 

ගාසා තීරයට ඇතුළු වී සිටි තම සෙබළු ඉවත් කර ගත් බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබේ.

පලස්තීනයේ හමාස් සංවිධානය හා බල පැවැත්වෙන දින තුනක සටන් විරාමය ආරම්භ වීමත් සමග ඊශ්‍රායලය මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි. 

ඊජිප්තුවේ මැදිහත් වීමෙන් සටන් විරාමය ප්‍රකාශයට පත් කළ අතර දෙරටේ පවතින අර්බුදකාරී තත්වය ස්ථීර වශයෙන් නිමා කිරීමට සාකච්ඡා මග පාදනු ඇති බවට බලාපොරොත්තු වේ.

ඊජිප්තුවේ කයිරෝ අගනුවර පැවැත්වෙන සාකච්ඡා සඳහා ඊශ්‍රායල නියෝජිතයන් පිරිසක් සහභාගී වීමට නියමිතය. පලස්තීන නියෝජිතයෝ මේ වන විටත් කයිරෝ අගනුවරට පැමිණ සිටිති.

සටන් විරාමය ඇති වීමට මිනිත්තු කිහිපයකට පෙර හමාස් සටන්කරුවන් විසින් ගාසා තීරයේ සිටි ඊශ්‍රායල බළඇණි සහ දකුණු දිග ඊශ්‍රායලය ඉලක්ක කර රොකට් ප්‍රහාර එල්ල කර තිබේ.

(බීබීසි)

Rate this item
(0 votes)