May 02, 2024

ඉන්දියාවේ පුද්ගලයින් 150ක් නායයෑමකට හසුවෙලා

ඉන්දීය මහාරාෂ්ට ප්‍රාන්තයේ පූනේ දිස්ත්‍රික්කයේ අබේගාන් ප්‍රදේශයේ ගම්වැසියන් 150කට අධික සංඛ්‍යාවක් නාය යෑමකට හසු වී තිබේ.

එම අනතුරින් නිවාස 40ක් පමණ විනාශ වී තිබෙන බවත් පැවති ධාරානිපාත වර්ෂාවෙන් අනතුරුවයි නායයෑම සිදු වී තිබෙන බවත් බීබීසි ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

සහන සේවකයෝ අනතුර සිදු වූ ප්‍රදේශයට ලඟා වී ඇති බව ඉන්දීය ජාතික ආපදා කළමනාකරණ බලකායේ නිලධාරියෙක් සඳහන් කර තිබේ.

නොනවත්වා පවතින දැඩි වර්ෂාව හා අබලන් වූ මාර්ග හේතුවෙන් සහන සේවකයන් හට අනතුර සිදු වූ ස්ථානයට ලඟා වීමට බාධා එල්ල වන බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)