May 02, 2024

ගාසා තීරයේ අනාථ කඳවුරකට ප්‍රහාරයක් 

තම සංවිධානය විසින් ගාසා තීරයේ අනාථ කඳවුරක් ලෙස පවත්වාගෙන ගිය පාසලක් වෙත ඊශ්‍රායලය විසින් දැනුවත්වම ප්‍රහාර එලල් කිරීම තමන් තරයේ හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ලෝකයේම කණස්සල්ල යොමු වන බව එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ක්‍රිස් ගන්ස් මහතා පැවසී ය.

සිවිල් වැසියන් රැඳී සිටි මෙම පාසල් ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරයෙන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඊශ්‍රායලය පවසා සිටින්නේ මූලිකව එල්ල වූ මෝටාර් ප්‍රහාරයකට තම සොල්දාදුවන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමක් පමණක් සිදුකර ඇති බවය.

කෙසේ වෙතත්, ගාසා තීරයේ හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මේ වනවිට පලස්තීන ජාතිකයන් 1,300කට වැඩි පිරිසක් හා ඊශ්‍රායල් ජාතිකයන් 55ක් ජීවිතක්ෂයට පත්ව තිබේ

 

Rate this item
(0 votes)