May 02, 2024

හමාස් සංවිධානය සටන් විරාමයකට එකඟයි

ගාසා තීරයේ පැය විසි හතරක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට හමාස් සංවිධානය එකග වී තිබේ.ඒ ඊශ්‍රායලය විසින් ප්‍රකාශයට පත් කර තිබූ කෙටි සටන් විරාමය අවසන් කර නැවතත් මෙහෙයුම් ආරම්භ කර පැය කිහිපයකට අනතුරුවයි.රාමසාන් උත්සව කටයුතු අවසාන කිරීම හා එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමට ප්‍රතිචාරයක් වශයෙන් සියලු පලස්තීන පාර්ශවයන්ගේ එකඟත්වය මත මානුෂීය සටන් විරාමයක් ආරම්භ කළ බව හමාස් සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසුවේය.

මේ වනතුරු ඊශ්‍රායලය සටන් විරාමය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නොමැත.ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර ආරම්භ වීමත් සමග ගාසා තීරය දෙසින් විශාල පිපිරුම් ශබ්ද ඇසී තිබේ.මීට පෙර ඊශ්‍රායලය විසින් ප්‍රකාශයට පත් කළ සටන් විරාමය ප්‍රතික්ෂේප කළ හමාස් සංවිධානය නොනවත්වා ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ල කළේය.

 

Rate this item
(0 votes)