May 02, 2024

ගාසා තීරයේ ගැටුමෙන් දහසක් මිය ගිහින්

ඊශ්‍රායලය සහ හමාස් ව්‍යාපාරය අතර ගැටුම් ආරම්භ වීමෙන් පසු පලස්තීන ජාතිකයන් දහසක් පමණ මියගොස් ඇතැයි ගාසා තීරයේ සෞඛ්‍ය බලධාරීහු පවසති. 

මිය ගිය වැඩි පිරිස සාමාන්‍ය වැසියන් බවත් පැය දොළහක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ගාසා තීරයේ පලස්තීන වැසියෝ එදිනෙදා කටයුතු කර ගැනීම සඳහා යුහුසුළු වී සිටි බවත් බීබීසි ප්‍රවෘත්ති සේවය සඳහක් කරයි.

බැංකු සහ සමහර කඩ සාප්පු විවෘත කර ඇති අතර ඊශ්‍රායල ෂෙල් ප්‍රහාර වලින් බරපතළ ලෙස හානියට පත් ප්‍රදේශවලට සහන සේවකයෝ ගොස් සිටින බව වාර්තා වෙයි.

ඊශ්‍රායල රජය සහ හමාස් ව්‍යාපාරය ඇති කරගත් එකඟතාවක් මත ගාසා තීරයේ පැය දොළහක සටන් විරාමයක් ප්‍රකාශ කෙරිණි.

 

Rate this item
(0 votes)