May 02, 2024

දකුණු සුඩානයට දරුණු සාගතයක් 

දකුණු සුඩානයේ ආහාර හිඟය ලොව දරුණුතම සාගතය ලෙස හඳුන්වන බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පවසයි.

දකුණු සුඩානය සඳහා ලබා දෙන බවට පොරොන්දු වූ ඩොලර් මිලියන හයසීයක ආධාර මුදල් ලබා දීමට පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පොරොන්දු දුන් රටවලින් ඉල්ලා සිටියි.

දකුණු සුඩාන කැරලිකරුවන් සහ එරට හමුදාව අතර පවතින යුද ගැටුම් නිසා දරුණු ආහාර අහේනියකට රට මුහුණ පානු ඇති බවට ද ආරක්ෂක මණ්ඩලය අනතුරු අඟවයි.

කඩිනම් ක්‍රියාමාර්ගයක් නොගතහොත් මේ වසරේ දී ළමුන් පනස් දහසක් පමණ මන්දපෝෂණයෙන් මිය යා හැකි බවට අනතුරු අඟවන බවත් ලක්ෂ හතළිහක් පමණ ජනතාව ඉතා දරුණු ආහාර හිඟයකට මුහුණ පා සිටින බවත් ලෝක ආහාර සංවිධානය පවසා ඇතැයි බීබීසි ප්‍රවෘත්ති සේවය පවසයි.

Rate this item
(0 votes)