May 02, 2024

ජාත්‍යන්තර ආරක්ෂාවට අනතුරක් - රුසියාව කියයි

යුක්‍රේන් අර්බුදය මුල් කර ගනිමින් යුරෝපා හවුල විසින් තමන්ට එරෙහිව පනවන ලද අතිරේක සම්බාධක හේතුවෙන් ආරක්ෂාවට අදාළ ජාත්‍යන්තර සහයෝගීතාවය අනතුරට පත් වනු ඇතැයි රුසියාව පවසයි.

අලුතින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති සම්බාධක අනුව වත්කම් ගනුදෙනු අත්හිටවනු ලබන සහ සංචාරක තහංචි බල පැවැත්වෙන රුසියානු සංවිධාන සහ පුද්ගලයන්ගේ ලැයිස්තුවක් යුරෝපා හවුල විසින් නිවේදනය කරනු ලැබීමෙන් අනතුරුව මෙම රුසියානු පැහැදිලි කිරීම සිදු කර ඇති බව බීබීසි ප්‍රවෘත්ති සේවය සදහන් කරයි.

රුසියාවේ ආරක්ෂක සහ බුද්ධි අංශයේ ප්‍රමුඛයන් දෙදෙනකු වන අලෙක්සන්දර් බොත්නිකොෆ් සහ මිහායිල් ෆ්රද්කොෆ් ද එම තහංචි ලැයිස්තුවට ඇතුළත් කොට ඇති බව වාර්තා වේ.

Rate this item
(0 votes)