April 28, 2024

ජගත් ගුවන්සේවා නිලධාරීන්ගේ හදිසි කැඳවීමක්

යුක්රේනයේ ඉහළ අහසේදී මලයාසියානු ගුවන් සේවයට අයත් යානයක් මගීන් 298 දෙනෙකු සමඟ අනතුරට ලක්වීමේ සිද්ධිය පිළිබදව සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර ගුවන් සේවා නිලධාරීන් කැනඩාවේ ඔටාවා නුවරට ඊයේ (26) රැස්වී ඇතැයි වාර්තා වෙයි. 

මෙම ගුවන් යානය යුක්රේන කැරළිකරුවන්ගේ මිසයිල ප‍්‍රහාරයකට ගොදුරු වූ බව විශ්වාස කෙරේ.

මෙවැනි සිද්ධීන්වලින් සිවිල් ගුවන් යානා ආරක්ෂා කර ගැනීමේ පියවර පිළිබද ජාත්‍යන්තර ගුවන් සේවා නිලධාරීන් ඔටාවා රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතය.

Rate this item
(0 votes)