ඔවුන්ගෙන් එක් නිලධාරියෙක් බීමත්ව නෙදර්ලන්තයේ, ඇමස්ට්ර්ඩෑම් අගනුවර හෝටලයක ශාලාවක් ඔස්සේ ගමන් කර තිබුණ බව වාර්තා වී ඇතැයි බීබීසි ප්‍රවෘත්ති සේවය පවසයි.
මෙම සිද්ධියට අදාළ වැඩිදුර තොරතුරු ප්‍රකාශයට පත් කිරීම ප්‍රතික්ෂේප කරන බවත් විභාගයක් පැවැත්වෙන තෙක් නිලධාරීන් තිදෙනා නිවාඩු යැවූ බවත අමෙරිකානු රහස් ඔත්තු අංශයේ නිලධාරියෙකු පවසා ඇත.
ජනාධිපති ඔබාමාගේ ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනෙක් ලිංගික අතවර සහ වැරදි හැසිරීම් නිසා ඉවත් කිරීමට අමෙරිකානු රහස් ඔත්තු අංශය 2013 වසරේ පියවර ගෙන තිබුණි.