April 28, 2024

මොසූල් හී කාන්තාවන්ගේ අංග ඡේදනයට නියෝග දී නැහැලු

කාන්තාවන්ගේ අංග ඡේදනය කිරීම සඳහානියෝග කර ඇතැයි පළවන ප්‍රවෘත්තීන් අසත්‍යයක් බව විදෙස් පුවත් සේවා උපුටා දක්වයි.

ඉස්ලාමිකරාජ්‍යය විසින් ඉරාකයේ මොසුල් නගරයේ කාන්තාවන්ගේ අංග ඡේදනය කිරීම සඳහානියෝග කර ඇතැයි මෙසේ  ප‍්‍රවෘත්තියක් පළ වී තිබුණි.

නමුත් එය අසත්‍යක් බවයි ඉරාකයෙන් පැමිණි තොරතුරවලින් හෙළිවී ඇත්තේ.

සුන්නි සටන්කාමීන් විසින් මෙවැනි නියෝගයක් නිකුත් කර ඇතැයි ඉරාකයේ එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් සම්බන්ධීකාරකවරියක් වන ජැකලීන් බැඩොක් විසින් පවසා තිබේ.ඉස්ලාමික රාජ්‍යය විසින් අත්පත් කරගෙන සිටින මොසුල් නගරයේ පදිංචිව සිටිනවයස අවුරුදු 11 සිට 46 දක්වා කාන්තාවන්ගේ අංග ඡේදනය කරන බවට පැවසුණු අතර ඒඅනුව මිලියන 4ක් පමණ කාන්තාවන් මෙම සාහසික අපරාධයට ලක්වනු ඇතැයි පැවසිනි.

Rate this item
(0 votes)