April 28, 2024

මිතුරු රටවල් වෙත ජර්මනියේ රහස් ඇස දැඩි කරයි

ජර්මනියවිසින් ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ඔත්තු සේවාවල ක්‍රියාවන් නිරීක්ෂණය කිරීමසඳහා "360 degree view" නම් වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ඊට හේතු වී තිබුනේපසුගිය කාලයේ එක්සත් ජනපදය විසින් ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල්ගේ දුරකථනසංවාදවලට සවන් දෙන බව එඩ්වඩ් ස්නෝව්ඩන් විසින් හෙළි කර තිබීම සහ ජර්මන්නිළධාරීන් දෙදෙනෙකු ඇමරිකාවට ඔත්තු සැපයූ බව හෙලිවීම නිසාය.

මේ නිසා දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික අර්බූදයක් පවා ඇති වී තිබුණි. අවසානයේජර්මනිය විසින් චීනය, රුසියාව සහ ඉරාන ඔත්තු සේවාවන්ගේ කටයුතු නිරික්ෂණයකිරීමේ තම පිළිවෙත ලිහිල්කර එය ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ඔත්තුසේවා දෙසටයොමුකර තිබේ. එමෙන්ම ජර්මන් ආරක්ෂක අංශවල සිටින ඇමරිකානු සම්බන්ධතා සහිතනිළධාරීන් පිළිබඳවද විශේෂ විමර්ශනයක් ජර්මනිය විසින් ආරම්භ කර තිබේ.

Rate this item
(1 Vote)