April 28, 2024

මැලේසියානු යානයේ මළසිරුරු රැගත් අධිශීත දුම්රිය ටොරේස් නගරයට

MH-17 මැලේසියානු ගුවන් යානා අනතුරින් මරණයට පත් මගීන්ගේ මළසිරුරු තැන්පත් කර තිබූ අධිශීත කළ මැදිරිවලින් යුත් දුම්රිය ඊයේ (21) එහි සිට ටොරේස් (Torez) නගරයට ධාවනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පශ්චාත් පරීක්ෂණ කටයුතු සඳහා යුක්රේනයට පැමිණි නෙදර්ලන්ත අධිකරණ වෛද්‍ය විශේෂඥ කණ්ඩායම ද නැගෙනහිර යුක්‍රේනයේ යානය කඩා වැටුණු ස්ථානයේ සිට කිලෝ මීටර් 15ක් පමණ දුරින් පිහිටි ටොරේස්  නගරයට පැමිණ ඇත.

මැලේසියානු අගමැති නජීබ් රසාක් (Najib Razak) මහතා රුසියානු හිතවාදී බෙදුම්වාදී සටනක නිරත සටන්කරුවන්ගේ කණ්ඩායමේ නායකයා සමඟ ඇතිකර ගත් එකඟතාවකින් පසු ව අධිශීත දුම්රිය මැදිරිවල තැන්පත් කර ඇති මෘත ශරීර 282ක නෙදර්ලන්ත පරීක්ෂණ කණ්ඩායමට බාර දීමට පියවර ගත් බව විදෙස් වාර්තා පවසයි. මෙම අනතුරින් මියගිය බහුතරයක් නෙදර්ලන්ත ජාතිකයෝ වෙති.

පසුගිය බ්‍රහස්පතින්දා MH-17 යානය අනතුරට ලක්වන විට එහි කාර්යමණ්ඩලය ඇතුළු ව 298 දෙනෙක් ගමන් කරමින් සිටියහ.

Rate this item
(1 Vote)