April 28, 2024

පලස්තීනයට සහ ඊශ‍්‍රායලයට සටන් විරාමයක්?

පලස්තීන සටන්කාමීන් සහ ඊශ‍්‍රායල හමුදා අතර ගාසා තීරයේ සිදුවන ගැටුම් වහා නතර කරන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඉල්ලීමක් කර තිබේ.

ඒ සඳහා දෙපාර්ශවය අතර සටන් විරාමයක් ඇති කළ යුතු බව ආරක්ෂක මණ්ඩලය අවධාරණය කළේය.

ජෝර්දානයේ ඉල්ලීම මත ජගත් ආරක්ෂක මණ්ඩලය පසුගිය 20 වැනි දා රැස්වූ අතර ඊශ‍්‍රායලයේ මෙහෙයුම් හෙළා දැකීමේ යෝජනාවක් ද සකස් කර ඇත.

මේ අතර ඊශ‍්‍රායල මෙහෙයුම් හේතුවෙන් මිය ගිය පලස්තීනුවන්ගේ සංඛ්‍යාව 500 ඉක්මවා ගොස් ඇති අතර ඉන් බහුතරයක් සාමාන්‍ය වැසියන් වේ. සෙබලූන් 18 දෙනෙකු ඇතුළු ඊශ‍්‍රායල ජාතිකයන් 20 දෙනෙකු ද ගැටුම්වලින් මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

Rate this item
(0 votes)