May 01, 2024

ඊශ්‍රායලයෙන් දිගින් දිගටම ප්‍රහාර

ගාසා තීරයට එරෙහි ගොඩබිම් ප්‍රහාර සැලකිය යුතු ප්‍රමාණයකින් තවත් දැඩි කරන බව ඊශ්‍රායලය පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පලස්තීන ප්‍රහාරකයන් රොකට් සඟවා තබා ඇති රහසිගත උමං වලට ගුවනින් පහර දීම මගින් පමණක් උපරිම ප්‍රතිඵල ලද නොහැකි බව ඊශ්‍රායල් අගමැති බෙන්යමින් නෙතන්යාහු පවසා ඇත.

යුද්ධ ටැංකි, හෙලිකොප්ටර් සහ කාලතුවක්කු හමුදා ආධාර සහිත ඊශ්‍රායල් පාබල සේනාංක ගාසා තීරය ආක්‍රමණය කරමින් ඇති අතර මෙය ඔවුන් වසර පහකට අධික කාලයකට පසුව ගෙන යන දැවැන්ත ම ගොඩ බිම් ප්‍රහාරය බව බීබීසි ප්‍රවෘත්ති සේවය පවසයි.

මේ ගොඩ බිම් ප්‍රහාරයේ දී පලස්තීන ජාතිකයන් 24දෙනකු මරා දැමුණ අතර එක් ඊශ්‍රායල් සෙබළෙකු මියගොස් තිබේ.

ඊශ්‍රායලය ගාසා තීරයට ගොඩ බිමින් පහර දෙද්දී ඊට අතිරේකව ගුවන් ප්‍රහාර සහ ෂෙල් ප්‍රහාරත් දිගටම එල්ල කෙරෙමින් පවතින බව වාර්තා වෙයි.

Rate this item
(0 votes)