May 01, 2024

මොසුල් නගරයේ කිතුනුවන් පලවා හරී 

මොසුල් නගරයේ පාලනය සියතට ගෙන සිටින ISIS ඉස්ලාම් අන්තවාදී සටන්කරුවන්ගේ තර්ජන හේතුවෙන් දහස් ගණන් ඉරාක කිතුනු බැතිමත්හු උතුරු ඉරාකයේ මොසුල් නගරයේ සිට නුදුරින් ඇති කුර්දිෂ් පළාතට පලායමින් සිටිති.

සෙනසුරාදා වනවිට ඉස්ලාම් භක්තිය වැළඳගැනීමට, විශේෂ බද්දක් ගෙවීමට, හෝ නගරය හැර යන ලෙසට මොසුල් නගරයේ වෙසෙන ක්‍රිස්තු භක්තිකයන් වෙත නිකුත් කෙරුණු අවසන් නිවේදනයෙන් පසු ඔවුන් මෙසේ පලා යමින් සිටින බව බීබීසි ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

පසුගිය සිකුරාදා දවස පුරා මුස්ලිම් පල්ලිවල ශබ්ද විකාශන යන්ත්‍ර මගින් නිවේදනය කරමින් ක්‍රිස්තියානි භක්තිකයන්හට බලකොට ඇත්තේ සෙනසුරාදා දහවල් 12.00 වනවිට මොසුල් නගරය හැර යන ලෙසයි.

ISIS සන්නද්ධකරුවන් විසින් පසුගිය ජුනි මාසයේදී උතුරු ඉරාකයේ විශාල ප්‍රදේශයක් ඇතුළත් කොට මුස්ලිම් රාජ්‍යයක් ප්‍රකාශයට පත්කළේය.

Rate this item
(0 votes)