May 01, 2024

2014 මලයාසියාවට ඛේදනීය වසරක්

ඊයේ (17) දිනය ඛේදනීය දිනයක් මෙන් ම මේ වසර ම මලයාසියාවට ඛේදනීය වසරක් බව මලයාසියාව මේ වසරේ මුහුණ දුන් දෙවැනි ගුවන් ඛේදවාචකය පිළිබඳ අදහස් දක්වමින් එරට අග‍්‍රාමාත්‍ය නජිබ් රාසක් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වුව ද යානය කඩා වැටීම පිළිබඳ පරීක්ෂණ නිසියාකාරයෙන් සිදු විය යුතු බව ද ඔහු අවධාරණය කර ඇත.

නැගෙනහිර යුක්රේනයේ රුසියානු දේශසීමාව ආසන්නයේ දී ඊයේ හදිසියේ කඩා වැටුණු මලයාසියානු ගුවන් යානයේ පුද්ගලයන් 298 දෙනෙකු ගමන් කර තිබේ.

බෝයිං 777 වර්ගයේ මෙම ගුවන් යානය නෙදර්ලන්තයේ, ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත ගමන් කරන විට මෙලෙස කඩා වැටුණේ මිසයිල ප‍්‍රහාරයකට ලක්වීමෙනි.

Rate this item
(0 votes)