May 01, 2024

හමාස් සටන්කාමීන් සොයා ගොඩබිම් මෙහෙයුමක්

දින 10 ක ගුවන් ප‍්‍රහාරක මෙහෙයුමෙන් අනතුරු ව ඊශ‍්‍රායලය මේ වනවිට ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සොයා ගොඩබිම් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ගාසා තීරයෙන් එල්ලවන රොකට් ප‍්‍රහාරවලට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස මෙහෙයුම ආරම්භ කළ බව ඊශ‍්‍රායලය ප‍්‍රකාශ කරයි.

එහෙත් ඊට දැඩි ප‍්‍රතිචාරයක් දක්වන බව හමාස් සංවිධානය දැනටමත් ප‍්‍රකාශ කර අවසන් බව විදෙස් මාධ්‍ය පෙන්වා දේ. 

ඊශ‍්‍රායල ගුවන් ප‍්‍රහාරක මෙහෙයුම පසුගිය ජූලි 08 වැනි දා ආරම්භවීමෙන් අනතුරු ව ගාසා තීරයේ පලස්තීනුවන් 230 දෙනෙක් සහ එක් ඊශ‍්‍රායල ජාතිකයෙක් මරණයට පත් විය.

Rate this item
(0 votes)