May 01, 2024

ඉන්දියාවේ තීරණයක් ආගමික දේශපාලකයන් කෝප ගන්වයි

ඉන්දියාවේපාසල්වල සංස්කෘත සතියක් නම් කිරීමට කරන ලද නියෝගය ඇතැම් ආගමික දේශපාලකයන්කෝප ගැන්වීමට හේතු වී තිබෙන බව වාර්තා වෙයි.කෝපයට පත් දේශපාලකයෙකු කියා සිටියේ එක් භාෂාවකට මුල් තැන ලබා දීමෙන් ජාතිකඒකාග්‍රතාවට හානි විය හැකි බවයි.

සංස්කෘත ඉතා පැරණි ඉන්දියානු භාෂාවක් වනඅතර බොහෝ පාසල්වල එය අතිරේක විෂයයක් ලෙස උගන්වනු ලැබේ.කාව්‍ය හා රචනා තරඟ වැනි ක්‍රියාකාරකම් පාසල්වල සංවිධානය කිරීමෙන් ළමුන්තුළ සංස්කෘත භාෂාවට ඇති කැමැත්ත නැවත ඇති කිරීමට පියවර ගන්නා ලෙසයි මෙමනියෝගය නිකුත් කර ඇත්තේ.නව තරඟ සහ අන්තර්ජාල වැඩසටහන් හඳුන්වා දීම තුළින් සිසුන්ගේ සංස්කෘත දැනුමවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙස ද්විතීය අධ්‍යාපන මධ්‍යම කමිටුවට නියෝගයමගින් උපදෙස් දී තිබේ.සංස්කෘත ඉන්දියාවේ බොහෝ භාෂාවල මූලාරම්භය ලෙස පිළිගැනේ.නමුත් තවත් බොහෝ භාෂා අනෙකුත් පැරණි භාෂාවලින් බිඳී ඇති බව කෝපයට පත්දේශපාලකයෝ පවසති. (බී.බී.සී.)

Rate this item
(0 votes)