May 05, 2024

ඇෆ්ගනිස්ථානයේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ප්‍රහාරයක් 

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ආයුධ සන්නද්ධ කැරලිකරුවන් කාබුල් ගුවන් තොටුපොළට ගුවන් සහ ස්වයංක්‍රීය අවි ප්‍රහාරයක් එල්ල කළ බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

ඔවුන් ගුවන්තොටුපොළ ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලක් ද තමන්ගේ පාලනයට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුවන්තොටුපොළ දෙසින් පිපිරීම් 02 ක ශබ්දය ඇසුණු බව ප්‍රදේශවාසීන් පවසා ඇත.

Rate this item
(0 votes)