May 05, 2024

රුසියාවට තවත් සම්බාධක 

රුසියාවට එරෙහි තවත් සම්බාධක පැනවීමට අමෙරිකාව සහ යුරෝපා හවුල තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්රේනයේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය උත්සන්නවීමට රුසියාවේ අනුග‍්‍රහය හේතුවීම නිසා මෙම සම්බාධක පනවා ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

බැංකු, ආරක්ෂක සහ බලශක්ති ව්‍යාපාර ඉලක්ක කරගෙන මෙම සම්බාධක පනවා ඇති බව විදෙස් වාර්තා  පෙන්වා දේ.

මෙම සම්බාධක හේතුවෙන් අමෙරිකාව, යුරෝපා හවුල සමග රුසියාව පවත්වන සබඳතාවලටත් තිත තැබීමේ කාලය ළඟාවෙමින් පවතින බව කෙසේ වුව ද මීට ප‍්‍රතිචාර දක්වමින් රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් ප්‍රකාශ කරයි.

Rate this item
(0 votes)