May 05, 2024

කියුබාවේ තානාපති සේවය තවත් ශක්තිමත් කෙරේ

ජාත්‍යන්තර තලයේ දී අධිරාජ්‍යවාදී රටවල ක්‍රියාකාරිත්වය සහ ලෝක දේශපාලනය හමුවේ තම රටේ දේශපාලනික හා සංස්කෘතික ආරක්ෂාව පිණිස භාවිතා කරන බලවත් ආයුධයක්වන තානාපති සේවය තවත් ශක්තිමත් කිරීමට කියුබාව විසින් තීරණය කර තිබේ.

ඒ සඳහා එක් පියවරක් ලෙස අප්‍රිකාව, කැරිබියන් දූපත්, ආසියාව, මැදපෙරදිග ඇතුළු රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සඳහා නව තානාපති නිළධාරීන් 32 ක් පත්කර තිබේ. 

ඉතාමත් දක්ෂ, නිර්භීත, ධෛර්ය සම්පන්න, විනීත සහ රට වෙනුවෙන් කැප වූ පිරිසක් මේ සඳහා තෝරාගෙන තිබූ අතර ඔවුන්ගේ දිවුරුම් දීම පසුගිය 15 වැනි දා කියුබානු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ මහතාගේ ප්‍රධානත්වයෙන් හවානා නුවර දී පැවැත් විය.

එහි දී රාවුල් කස්ත්‍රෝ මහතා පැවසුවේ විප්ලවයේ එක් ප්‍රධාන අවියක්වන්නේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු බවත් එහි මූලික අංගය විනිවිදභාවය බවත් ය. මේ හේතුවෙන් ලෝක දේශපාලනයේ සංකීර්ණ තත්ත්වයන් හමුවේ දේශපාලනික සහ සංස්කෘතික වශයෙන් කියුබාව ආරක්ෂා වී ඇති බව ද ඔහු පැවසීය.

Rate this item
(0 votes)