May 05, 2024

නව ජාත්‍යන්තර බැංකුවක් ස්ථාපිත කෙරේ

බ‍්‍රසීලයේ පැවති බි‍්‍රක්ස් රාජ්‍ය නායක සමුළුවේ දී නව ජාත්‍යන්තර බැංකුවක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ‍්‍රසීල ජනාධිපතිනි ඩිල්මා රුසෙව්, දකුණු අපි‍්‍රකානු ජනාධිපති ජේකොබ් සූමා, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටීන්, චීන ජනාධිපති ෂී ජිං පිං, සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙම සමුළුවට සහභාගි වූහ.

බි‍්‍රක්ස් සංවර්ධන බැංකුව ලෙස නම් කර ඇති මෙම නව බැංකුව සිය කටයුතු ආරම්භ කරන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 100 ක වත්කමක් ඇතිවයි. 

මීට අමතර ව හදිසි අවස්ථා අරමුදලක් ලෙස ද මෙම බැංකුව කි‍්‍රයාත්මක වේ.

චීනයේ ෂැංහයි නුවර බි‍්‍රක්ස් සංවර්ධන බැංකුවේ මූලස්ථානය ඉදිකිරීමට නියමිත අතර එහි පළමු අධිපතිවරයා ඉන්දියාවෙන් පත් කිරීමට නියමිතයි. 

ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කි‍්‍රයාකලාප විවේචනය කළ බි‍්‍රක්ස් රාජ්‍ය නායකයින් සිය බැංකුව යටතේ ලොව සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය ලබාදීමට ද නියමිත බව වාර්තා වේ.

බ‍්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අපි‍්‍රකානු රටවල් ඒකාබද්ධ ව බි‍්‍රක්ස් සංවිධානය නිර්මාණය වී ඇත.

Rate this item
(1 Vote)