May 05, 2024

දිලීප් කුමාර්ගේ නිවස ජාතික උරුමයක් 

සුපිරි බොලිවුඩ් නළු දිලීප් කුමාර්ගේ පෙෂාවර් නගරයේ පිහිටි පාරම්පරික සිය නිවස ජාතික උරුමයක් ලෙස නම් කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.

පාකිස්ථාන අගමැති නවාස් ශරීෆ් එය නම් කළ බව පාකිස්ථානයේ උසස් කොමිෂමේ මාධ්‍ය ප්‍රකාශක මන්සූර් අලි මෙමොන් සඳහන් කරයි.

එම නිවසෙහි කෞතුකාගරයක් සහ දිලීප් කුමාර්ගේ චිත්‍රපටවල එකතුවක් සකස් කරන බව ද මෙමොන් පැවසී ය.

එම කෞතුකාගාරය විවෘත කිරීම සඳහා දිලීප් කුමාර්ට ආරාධනා කිරීමට නියමිතයි.

1922 වසරේ දෙසැම්බර් මස 11 වැනි දා පෙෂාවර් නගරයේ කිසා කවානි බසාර්හි උපත ලබා ඇති  දිලීප් කුමර්ට සහෝදර සහෝදරියන් 12 දෙනෙක් සිටින බව වාර්තා වේ.

Rate this item
(0 votes)