May 05, 2024

ගාසා තීරයේ පානීය ජල පද්ධතිය විනාශයි

දින 08 ක් පුරා ඊශ්‍රායල බෝම්බ හෙළීම්වලට ලක් වූ ගාසා තීරයේ පානීය ජල පද්ධතිය සම්පුර්ණයෙන් පාහේ විනාශ වී ඇති බව ආධාර ආයතන පවසති.

ගාසා තීරයේ වැසියන් ඉතා ඉක්මනින් දැඩි පානීය ජල හිඟයකට මුහුණ දෙනු ඇති බව එම ආයතන පෙන්වා දේ.

මේ වනවිට හානියට පත් ජල පද්ධතිය බොහෝ සෙයින් ක්‍රියාත්මක නොවන බව පවසන එක්සත් ජාතීන්ගේ මානවීය ආධාර ආයතනය කියා සිටින්නේ ගාසා තීරයේ ඇති ජල ප්‍රමාණයෙන් 90%  ක් මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බවයි.

ගාසා තීරයේ වැසියන් දහස් ගණනක් රැකවරණය පතා තාවකාලික කඳවුරුවල ලැගුම් ගෙන සිටිති.

Rate this item
(0 votes)