May 05, 2024

'ඔස්කා' සමාජ ශාලාවක් තුළ ගැටෙයි

සිය පෙම්වතිය ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටින පැරාලිම්පික් ධාවන ශූර ඔස්කා පිස්ටෝරියස් රාත්‍රී සමාජ ශාලාවක් තුළ ගැටුමකට සම්බන්ධ වී ඇතැයි වාර්තා වේ.

බීමතින් සිටි ඔස්කා තමන් සමග ආරවුලක් ඇති කර ගැනීමට උත්සහ කළ බව දකුණු අප්‍රිකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ජෙයාඩ් මෝටිමර් එරට මාධ්‍ය වෙත පවසා ඇත.

කෙසේ වෙතත් ඔස්කා පිස්ටෝරියක්ගේ නඩු විභාගය පිළිබඳව දිගින් දිගට ම අනවශ්‍ය තොරතුරු විමසීම හේතුවෙන් ඔස්කා කෝපයට පත්වූ බව ඔහුගේ ප්‍රකාශිකාවක් මාධ්‍යවෙත පවසා තිබේ.

Rate this item
(0 votes)