May 05, 2024

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 50 දෙනෙක් මරුට

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ පාකිස්ථාන දේශ සීමාවට ආසන්න පක්ටිකා ප‍්‍රදේශයේ ජනාකීර්ණ වෙළඳ සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 50 දෙනෙක් මරණයට පත් ව තිබේ.

ජීප් රථයක මෙම බෝම්බය අටවා තිබූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පිපිරීමෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර ප‍්‍රහාරයේ වගකීම කිසිවෙකුත් භාරගෙන නොමැත.

Rate this item
(0 votes)