May 08, 2024

රුසියාවේ දුම්රිය පීලි පැනීමකින් 10 දෙනෙක් මරුට 

රුසියාවේ, මොස්කව් උමං දුම්රිය සේවය හෙවත් මෙට්‍රෝ දුම්රිය සේවයේ දුම්රියක් පීලි පැනීමෙන් සිදු වූ අනතුරකින් එහි ගමන්ගත් මගීන් 10 දෙනෙක් පමණ මරණයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් වහා රෝහල් කරා රැගෙන ගොස් ඇති බවත් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ පුද්ගලයින් ගුවන් මගින් රැගෙන ගිය බවත් වාර්තා වෙයි.

අනතුරට හේතුව විදුලි සැපයුමේ දෝෂයක් බවත් එහිදී දුම්රිය හිටි හැටියේ ම නැවතී ඇති බවත් වාර්තා වේ.

මෙම දුම්රිය අනතුර මෙට්‍රෝ දුම්රිය සේවයේ ඉතිහාසය තුළ සිදු වූ දරුණුතම අනතුරක් ලෙස සැලකෙන අතර මෙට්‍රෝ යනු ලෝකයේ පැරණිතම උමං දුම්රිය සේවා අතරින් එකකි.

බටහිර මොස්කව් හි ස්ලැවින්ස්කි බොල්වාඩ් සහ පාක් පොබෙඩි අතර මෙම දුම්රිය පීලි පැනීම හා අනතුර සිදු ව තිබේ.

Rate this item
(0 votes)