May 09, 2024

ලිබියාවේ ගුවන්තොටුපොළට රොකට් ප‍්‍රහාරයක්

ලිබියාවේ ටි‍්‍රපොලි නුවර ප‍්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළට රොකට් ප‍්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුවන්තොටුපොළ අවට පැවැති ගැටුම් හේතුවෙන් එය වසා දමා පැය 24 ක් ඇතුළත මෙම ප‍්‍රහාරය එල්ල වී ඇත.

රොකට් ප‍්‍රහාරයෙන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වී තවත් පුද්ගලයින් 06 දෙනෙක් තුවාල ලබා තිබේ.

ගුවන්තොටුපොළේ නතර කර තිබූ ගුවන් යානා 12කට ද මෙම රොකට් ප‍්‍රහාරයෙන් හානි සිදු ව ඇති බව වාර්තා වේ.

2011 වසරේ දී ගඩාෆි පාලනය බිඳ දැමීමෙන් අනතුරු ව එරට ස්ථාවරභාවය ගොඩනැගීමට ලිබියානු නායකයන් අසමත් වී සිටී.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 July 2014 10:27