May 09, 2024

යුක්රේන යුද ගුවන් යානයක් බිම හෙළයි

යුක්රේන යුද ගුවන් යානයක් එරට නැගෙනහිර රුසියානු දේශ සීමාවට ආසන්න ප‍්‍රදේශයේ දී වෙඩි තබා බිම හෙළා ඇතැයි වාර්තා වේ.

යුක්රේන රජයේ හමුදා සහ රුසියානු හිතවාදී කැරළිකරුවන් අතර ගැටුම් උත්සන්න ව පැවැති අතර යානය ප‍්‍රබල මිසයිලයකින් බිම හෙළා ඇත.

ඇන්ටනොව් 26 වර්ගයේ යුක්රේන ප‍්‍රවාහන ගුවන් යානය අඩි 21,000 ක් පමණ ඉහළ අහසේ දී බිම හෙළීමට ප‍්‍රබල අවියක් අවශ්‍ය බව වාර්තා වේ.

මේ හේතුවෙන් එය රුසියාව විසින් බිම හෙළන්නට ඇති බවට ද වාර්තා පළ වේ.

යුක්රේන දේශසීමාව ආසන්නයේ රුසියානු හමුදා සෙබළු 12,000ක් පමණ මේ වනවිට රැදී සිටින බව නේටෝ සංවිධානය ප‍්‍රකාශ කරයි.

Rate this item
(0 votes)