May 09, 2024

චීන ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට 

අමෙරිකාවේ ආරක්ෂක කොන්ත‍්‍රාත් කි‍්‍රයාත්මක කරන සමාගම්වල දත්ත සොරකම් කිරීමේ චෝදනාව යටතේ චීන ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. 

මොහු කාලයක් තිස්සේ මෙම ආරක්ෂක කොන්ත‍්‍රයත් කි‍්‍රයාත්මක කරන සමාගම්වල වෙබ් අඩවිවලට හොර රහසේ ඇතුළු වී එම දත්ත සොරකම් කර චීනය වෙත ලබා දී ඇති බවට චෝදනා එල්ල වී ඇත. 

අනාවරණය වූ තොරතුරුවලට අනුව කැනඩාවේ දී චීන ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

මෙම චීන ව්‍යාපාරිකයාට එරෙහි අමෙරිකාව නඩු පැවරීමට කටයුතු කරන බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.

Rate this item
(0 votes)