May 08, 2024

මැදපෙරදිග තවත් යුද්ධයකට ඉඩ දෙන්න එපා - බැන් කි මූන් 

මැදපෙරදිග තවත් යුද්ධයක් ඇතිවීමට ඉඩ හැරිය නොහැකි බවට එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කි මූන් අනතුරු අඟවයි.

අධික ලෙස බලය යොදා තිබීම ඉවසා සිටිය නොහැකි බවත් මේ හේතුවෙන් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ ජනතාවට බවත් ආරක්ෂක මණ්ඩලයේ හදිසි සැසිවාරයක් අමතමින් මහ ලේකම්වරයා පැවසී ය.

සටන් විරාමයකට එළඹෙන ලෙස ඔහු ඊශ්‍රායලයෙන් සහ පලස්තීනුවන්ගෙන් ඉල්ලා සිටී.

ඊජිප්තුව, ඝාසා තීරයට ඇතුල්වන දේශ සීමාවේ ප්‍රධාන මුර කපොල්ල විවෘත කොට තිබේ. මේ නිසා ඊශ්‍රායල ප්‍රහාරවලින් තුවාල ලැබූ පලස්තීනුවන්ට ප්‍රතිකාර ලබා ගැනීමට එහි යාමේ පහසුකම් සැලසී ඇත.

අලුතින් නොසන්සුන්කාරී තත්වයක් හට ගැනීමෙන් පසු ඝාසා තීරයේ අසූවකට වැඩි පිරිසක් මිය ගිය බවත් ඉන් අඩක්ම කාන්තාවන් සහ ළමුන් බවත් වාර්තා වෙයි.

 

Rate this item
(0 votes)