May 08, 2024

මෝදිගේ ආණ්ඩුවේ පළමු අයවැය යෝජනා අද පාර්ලිමේන්තුවට 

රටේ මූල්‍ය හිඟය පියවා ගැනීමට සහ උද්ධමනය අඩු කර ගැනීම පිණිස සහනාධාර කපා හැරීම සඳහා ඉන්දීය නව රජයේ අවධානය යොමු ව තිබේ.

එරට මුදල් අමාත්‍යාංශය විසින් ප‍්‍රකාශයට පත් කර ඇති නවතම වාර්තාවේ මේ බව සඳහන් වේ.

මෙමගින් ඉන්ධන සහ පොහොර සහනාධාරය කපා හැරිය යුතු බවටත් යෝජනා කර ඇතැයි වර්තා වේ.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ නව ආණ්ඩුවේ පළමු අයවැය යෝජනා අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය 07 වැනි දා අයවැයට අදාල විවාදය ආරම්භ වූ අතර එහි දී ඉන්දියාවට නව ආර්ථික ප‍්‍රතිසංස්කරණ රැසක් හඳුන්වාදීමට එරට රජය සූදානම් වේ.

රටේ මූල්‍ය හිඟය පියවා ගැනීම සඳහා දැඩි ක‍්‍රියාමාර්ග ගතයුතු බව කෙසේ වුව ද ඉන්දීය මුදල් අමාත්‍යාංශයේ අරමුණ වී ඇත.

Rate this item
(0 votes)