May 05, 2024

මාස පහකින් පසු දැරිය අවදිවෙයි

පාසල් ක්‍රීඩා පිටියේ දී හදිසියේම සිහිසුන්ව ඇද වැටුණු සිසුවියක් මාස පහකින් පසු කෘතිම පොම්පයක ආදාරයෙන් නැවත ප්‍රකෘත්ති තත්ත්වයට පත්කිරීමට වෛද්‍යවරු පිරිසක් සමත්ව සිටිති. 

එවැනි ප්‍රතිකාර ක්‍රමයක් භාවිතා කළ ලොව මුල්ම අවස්ථාව ද මෙයයි.

එමා රෝස නැමැති දස හැවිරිදි දැරිය පෙබරවාරි මස දිනක පාසලේ දී හුස්ම ගැනීම හදිසියේ නතර වීම හේතුවෙන් මේ තත්ත්වයට පත්වූවාය. 

ඇගේ පියා ඇය පාසලේ සිට නිවසට රැගෙන යාමට පැමිණි අවස්ථාවක දී මෙසේ සිදුව ඇත.

ඇය යළි ප්‍රකෘත්ති තත්ත්වයට පත්ව ඇත්තේ කෘතීමව සවිකරණ ලද පොම්පයක පුරෝගාමි සැත්කමක බලයෙනි.

පවුම් 27000ක් හෙවත් රුපියල් ලක්ෂ 61 ක් පමණ වටිනා මෙම උපකරණය මගින් හෘදයේ මාංශ පේෂියක වූ දුර්වලතාවට ප්‍රතිකාර කරනු ලැබීය. එංගලන්තයේ ග්ලැස්ගෝ හි යොර්ක්හිල් ළමා රෝහලේදී එම උපාංගය දැරියට සවිකැර ඇත.

එමගින් ඇයගේ කොඳු නාරටියට පහසුවෙන් එන්නත් ලබාදීමේ හැකියාව ලැබී ඇත.

එමාගේ මව වන 32 හැවිරිදි රොබෙන් ස්ටිවර්ඩ් පවසන්නේ මෙම රෝගි තත්වයෙන් ගොඩ ඒමට තම දියණියට හැකියාවක් නොලැබෙනු ඇතැයි කලින් විශ්වාසය වුව ද පසුව ඇය කෙමෙන් සුවපත් වී බවයි.

ඇය දැන් ප්‍රකෘති සිහියෙන් සිටියි. දැන් ඇයට මිනිසුන් හඳුනා ගත හැකිය. සමහර විට ඇය අත් පා සොලවයි. ගීතයක් ඇසීමට සැලැස්වීමේ දී පාද සොලවමින් එයට ප්‍රතිචාර දක්වයි.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 July 2014 09:17