May 05, 2024

ලොව විශාලත ම පක්ෂියාගේ පොසිල හඳුනා ගනි

ලොව විශාලත ම පක්ෂියාගේ පොසිල කොටස් ගලපා එම පක්ෂියා හඳුනා ගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත් ව තිබේ.

මෙම පක්ෂියා මුහුදු ලිහිණි වර්ගයක් ලෙස අනුමාන කළ හැකි බව අමෙරිකාවේ කනෙක්ටිකට් කෞතුකාගාරයේ පාලක ඩැනියෙල් සෙක්පා පවසයි.

එම පක්ෂියා තටු විහිදූ විට මීටර් 7.4 ක් (අඩි 24) පමණ දිගින් යුක්තවන බව එම අධ්‍යයනයෙන් හෙළි වී තිබේ.

අවුරුදු මිලියන 25ක් පැරණි මෙම පොසිල මීට වසර 30කට පෙර දකුණු කැරොලිනා ප්‍රාන්තයෙන් සොයා ගැනිණි.

මුහුදු පතු‍ලේ තිබූ පොසිල කොටස් කිසිදු හානියකින් තොර ව ගොඩ ගැනීමට ගවේෂකයින්ට හැකි වූ බව අමෙරිකාවේ කනෙක්ටිකට් කෞතුකාගාරයේ පාලකවරයා ප්‍රකාශ කර තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 10 July 2014 08:43