May 05, 2024

ෆිෆා ප්‍රවේශපත්‍ර අලෙවි කිරිමේ ආයතනයේ ප්‍රධානියා අත්අඩංගුවට 

පා පන්දු ලෝක කුසලාන ප‍්‍රවේශ පත‍්‍ර අලෙවි කිරිමේ ආයතනයේ ප්‍රධානියාවන රේ වේලන් (Ray Whelan) අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ඩොලර් 445,000 වටිනාකමින් යුත් ප්‍රවේශපත්‍ර නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට උත්සාහ දැරීම ඔහුට එරෙහි එල්ල වී ඇති චෝදනාවයි.  

රියෝ ද ජැනෙයිරෝ හෝටලයේ නතර වී සිටිය දී ඔහු ව අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.  

පසුගිය සතියේ දී එවැනි සිදුවීම්වලට සම්බන්ධ වූ ජාත්‍යන්තර ජාවාරම්කරුවන් 11 දෙනෙක් ද පොලිස් අත්අඩංගුවට පත් ව තිබේ.

Rate this item
(0 votes)