May 05, 2024

ඊශ‍්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීනුවන් පිරිසක් මරුට 

හමාස් සංවිධානය විසින් ඊශ‍්‍රායලය වෙත රොකට් ප‍්‍රහාර එල්ල කිරීමත් සමග ඊශ‍්‍රායල ගුවන් හමුදාව පලස්තීන ගාසා තීරයේ නව මෙහෙයුමක් ආරම්භ කර තිබේ. 

ඊශ‍්‍රායල ගුවන් ප‍්‍රහාරවලින් කාන්තාවක සහ ළමයින් දෙදෙනෙක් ඇතුළු පලස්තීනුවන් 09 දෙනෙක් මරණයට පත් ව තිබේ.

ඊශ‍්‍රායලය එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින් සිය සාමාජිකයන් 05 දෙනෙක් මරණයට පත්වීමෙන් අනතුරු ව හමාස් සංවිධානය රොකට් ප‍්‍රහාරයක් දියත් කර තිබේ.

බටහිර ඉවුරේ යුදෙව් තරුණයන් තිදෙනෙක් සහ පලස්තීන තරුණයෙක් ඝාතනයට ලක්වීමේ සිද්ධීන්වලින් අනතුරු ව දෙපාර්ශවය අතර පවතින්නේ උණුසුම් තත්ත්වයකි.

Rate this item
(0 votes)