May 05, 2024

ජපානයට නියොගූරි චණ්ඩ මාරුතයේ අවදානම 

දශක ගණනාවකින් ජපානයට හමන ප‍්‍රබලත ම සුළි සුළඟ ලෙස සැළකිය හැකි නියොගූරි චණ්ඩ මාරුතය ඔකිනාවා දිවයින් පෙළට දැන් ආසන්න වෙමින් පවතින බව වාර්තා වේ.

මේ හේතුවෙන් ප‍්‍රචණ්ඩ සුළං රැළි මෙන් ම උදම් රැළිවලින් හානි සිදුවිය හැකි බවට ජපාන කාලගුණ විද්‍යා අංශ ඔකිනාවා දිවයින් පෙළේ වෙසෙන ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

පසුගිය වසරේ අගෝස්තු මාසයෙන් පසු ජපානය නිකුත් කළ ඉහළ ම සුළි සුළං අවදානම මෙයයි.  

නියොගූරි සුළි සුළඟ පැයට කිලෝමීටර් 270 ඉක්ම වූ වේගයකින් හමනු ඇතැයි අපේක්ෂිතයි. 

Rate this item
(0 votes)