May 05, 2024

අමෙරිකානු ගුවන් මගීන් අමතර පරීක්ෂාවකට 

අල් කයිඩා සංවිධානයේ බෝම්බ ප‍්‍රහාරයක අවදානමට මුහුණ දීම සඳහා අමෙරිකාවට පියාසර කරන ගුවන් මගීන් අමතර පරීක්ෂා කිරීම්වලට ලක්කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

යුරෝපය, අප‍්‍රිකාව සහ මැදපෙරදිග සිට අමෙරිකාවට ගමන් කරන මගීන් මෙසේ වැඩිදුර පරීක්ෂා කෙරෙනු ඇතැයි පැවසේ.

ගුවන්තොටුපළ ආරක්ෂක අංශවලට හසු නොවන ආකාරයේ බෝම්බයක් සෑදීම සඳහා අල් කයිඩා සංවිධානය විසින් කටයුතු කරමින් ඇති බවට ඇමරිකානු රජය විසින් අනතුරු හැගවීමක් නිකුත් කළ බව ඇමරිකානු නිලධාරීන් මාධ්‍ය වෙත අනාවරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

 

Rate this item
(0 votes)