May 05, 2024

ලොව විශාලත ම සාප්පු සංකීර්ණය ඩුබායිහි ඉදිවෙයි (VIDEO)

වර්ග අඩි මිලියන 08 ක ඉඩ පහසුකම් සහිත ලෝකයේ විශාලත ම සාප්පු සංකීර්ණය ඩුබායිහි ගොඩ නැගීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍ය සූදානම්වන බව වර්තා වේ.

උණුසුම පාලනය කළ හැකි ලෙස ඉදිකරන දැවැන්ත නගරයක “Mall of The World“ යනුවෙන් හඳුන්වන මෙම සාප්පු සංකීර්ණය ඉදිකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සමස්ත ව්‍යාපෘතිය යටතේ වර්ග අඩි මිලියන 48 ක ඉදිකිරීම් කෙරෙන අතර එයට හෝටල් 100 ක්, සිනමා ශාලා, තේමා උද්‍යානයක්, සංචාරක වෛද්‍ය පහසුකම් යන ඒවා ද ඇතුළත් වේ.

මෙම ව්‍යාපෘතිය නිම කිරීමට යන සමස්ත වියදම හෝ ව්‍යාපෘතිය අවසන් කරන දිනය තවමත් ප්‍රකාශයට පත්කර නොමැත.

මෙම සංචාරක පුරවරය සඳහා වසරකට සංචාරකයින් මිලියන 180 ක් ගෙන්වා ගැනීම අරමුණ බව වර්තා වේ.

Rate this item
(0 votes)