May 05, 2024

හෝටල්වල ඉන්න පෙම්වතුන් කසාද බන්දන්න යයි

ව්‍යාජ නම්වලින් පෙනී සිටිමින් ලැඟුම්හල්වල සිට පොලීසියට කොටු වන ජෝඩු මින් ඉදිරියට නීත්‍යානුකූලව විවාහ කර දෙන බවට ඉන්දීය බිහාර් පොලීසිය දැනුම් දී තිබේ.

පැනලා යන ජෝඩු සෙවීමට හෝටල් වටලන බවත් ඇතැම් වේලාවට මෙම පෙම්වතුන් ව්‍යාජ නම්වලින් විවාහ වූ අය බව අනාවරණ වී ඇති බවත් එරට පොලීසිය ප්‍රකාශ කරයි.

මේ අය තම රහස් හමුවීම් සඳහා හෝටල් කාමර වෙන් කරවා ගන්නා බව පෙනී ගොස් ඇති බවත් මේ ආකාරයට කොටුවන යුවළවලට සමාජ විවේචනවලින් ගැලවීමට ඇති හොඳම විසදුම විවාහ කරවීම බවත් පොලීසිය පවසයි.

Rate this item
(0 votes)