May 03, 2024

උගන්ඩාවේ ප්‍රහරයකින් 58 දෙනෙක් මරුට 

උගන්ඩාවේ පොලිස් මුරපොළ‍කට සහ හමුදා මුරපළකට කැරළිකරුවන් විසින් එල්ල කළ ප‍්‍රහාරයකින් පුද්ගලයින් 58 දෙනෙක් මරණයට පත් ව තිබේ.

උගන්ඩා - කොංගෝ දේශ සීමාවේ පවතින ආරක්ෂක මුරපොළ දෙකකටයි මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත. 

මෙහි දී ඇති වූ ගැටුම්වලින් කැරළිකරුවන් 41 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර ආරක්ෂක අංශ සාමාජිකයින් 17 දෙනෙක් මරණයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

Rate this item
(0 votes)